සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:45
وَلَٰكِنَّا أَنْشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ
එනමුත් අපි පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නොවීය. එනමුත් අප දූතයින් එවන්නන් වූයෙමු.
තෆ්සීර්
නමුත් අපි මූසාගෙන් පසු ව සමූහයන් හා මැවීම් බිහි කළෙමු. අල්ලාහ්ගේ ගිවිසුම් ඔවුන් අමතක කරන තෙක් ඔවුන් වෙත වූ කාලය දුරස් විය. අපගේ වදන ඔවුනට පාරායනය කරමින් මද්යන් වාසීන් අතර නුඹ පදිංචි වී නොසිටියෙහිය. නමුත් අපි නුඹ ව එව්වේ අප වෙතින්ය. එහෙයින් අපි නුඹ වෙත මූසාගේ තොරතුරු හා එතුමා මද්යන්හි වාසය කළ තොරතුරු දන්වා සිටියෙමු. ඒ ගැන අල්ලාහ් නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේද එම තොරතුරු නුඹ මිනිසුනට දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න