සූරා 27 · ජුස් 20
An-Naml · 27:88
وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ
ඔබ එය ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
එදින නුඹලා නොසෙලවෙනසේ ස්ථාවර ව ඇතැයි සිතන කඳු දකිනු ඇත. ඒවා එම කරුණ සිදුවන අවස්ථාවේ වලාකුළ් මෙන් ගමනින් වේගයෙන් ගමන් කරනු ඇත. එය අල්ලාහ්ගේ නිර්මාණයකි. එය චලනය කරනුයේ ඔහුය. සැබවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න