සූරා 27 · ජුස් 20
An-Naml · 27:86
أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්රියත් දහවල පෙනෙන්නක් බවටත් නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෙහු ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
තෆ්සීර්
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුන් නින්දට යමින් එහි කල් ගත කිරීම සඳහා අපි රාත්රිය මවා ඇති බවත් දහවල එහි දසුන් දැක ගැනීම සඳහා ආලෝකයක් බවට පත් කර ඇති බවත් නොදුටුවෝ ද? ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් වෙත යුහුසුලු ව ගමන් කරති. සැබවින්ම නැවත නැවත මරණයට පත්වීම (නින්ද) පසුව යළි අවදි වීම යන්නෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට පැහැදිලි සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න