සූරා 27 · ජුස් 20
An-Naml · 27:84
حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُمْ بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද, එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි.
තෆ්සීර්
ඔවුන් විනිශ්චයට භාජනය කරනු ස්ථානය දක්වා පැමිණෙන තෙක්ම ඔවුන් කැටුවාගෙන යමින් පවතී. අල්ලාහ් ඔවුන් හෙළා දකිමින්, "මාගේ ඒකීයත්වය පෙන්වා දෙන, එමෙන්ම මාගේ පිළිවෙත ආවරණය වී ඇති මාගේ සංඥාවන් නුඹලා බොරු කළෙහු ද? සැබැවින්ම එය නිෂ්ඵල දෙයක් බවට වූ දැනුමක් නුඹලාට නොවීය. බොරු කිරීම නුඹලා වෙනුවෙන්ම සිදු විය. එසේ නැතහොත් සත්ය කරමින් හා බොරු කරමින් නුඹලා ඒ ගැන සිදු කරමින් සිටියේ කුමක් ද?" යැයි අසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න