සූරා 27 · ජුස් 20
An-Naml · 27:78
إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ
නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී.
තෆ්සීර්
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යුක්ති ධර්මය අනුව ජනයා අතර සිටින දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර තීන්දු දෙන්නේය. දේව විශ්වාසියාට ආශිර්වාද කරන අතර දේව ප්රතික්ෂේපකයාට ඔහු දඬුවම් දෙනු ඇත. ඔහු ඔහුගේ සතුරන් හට සම ප්රතිචාර දක්වන සර්ව බලධාරියාය. කිසිවකු ඔහු අබිබවා යා නො හැක. සත්යවාදියා අසත්යවාදියා සමග මුසු නොකර ඒ ගැන මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න