සූරා 27 · ජුස් 19

An-Naml · 27:5

أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.

තෆ්සීර්

සඳහන් කරනු ලැබූ පරිදි එලෙස වර්ණනා කරනු ලැබූවන් වන මොවුන් ඝාතනය කිරීමෙන් හා සිරගත කිරීමෙන් නපුරු දඬුවමක් ඔවුන් මෙලොව සතු කර ගනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදාතනිකයින් බවට පත්වීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය පාඩු විඳින පරිදි මතුලොව ජනයා අතර වඩාත් අලාභවන්තයෝ ඔවුන් ම වන්නෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න