සූරා 27 · ජුස් 19
An-Naml · 27:47
قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ
නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් වෙතිනි. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ ඔහුගේ ජනයා ඔහුට, "නුඹ හා නුඹ සමග සිටින දේව විශ්වාසීන් නිසාවෙන් අපට අසුබක් ඇති වී ඇතැ"යි පැවසීය. සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා, "නුඹලාට අත් වූ පිළිකුල හේතුවෙන් අසුබත්වයෙන් නුඹලා තරවටු කරනු ලබන්නේ නැත. ඒ පිළිබඳ දැනුම අල්ලාහ් සතු වූවකි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාට ඔහු ව්යාප්ත ව පිරිනමන යහපතින් හා නුඹලාට අත්වන නපුරෙන් නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන පිරිසක් වූහ." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න