සූරා 27 · ජුස් 19
An-Naml · 27:42
فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ
පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එයමය යැයි පැවසුවාය. තවද එයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් (මුස්ලිම්වරුන්) වූයෙමු.
තෆ්සීර්
සබඃ රැජින සුලෙයිමාන් වෙත පැමිණි කල්හි ඇයට පරීක්ෂණයක් ලෙසින් ඇයට මෙසේ පවසන ලැබීය. "මෙය ඔබේ සිංහාසනය මෙන් දැ"යි විමසීය. ඇය අදාළ ප්රශ්නයට පිළිතුරු දෙමින්, "එය හා සමානය" යැයි පැවසුවාය. එවිට සුලෙයිමාන් "මෙවන් කටයුතු වලදී අල්ලාහ්ගේ බලයෙන් ඇයට පෙර එම දැනුම අල්ලාහ් අපට පිරිනැමීය. එහෙයින් අපි අල්ලාහ්ට අවනත වන්නන් ලෙස ඔහුගේ නියෝගයට යටත්වන්නන් වූයෙමු" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න