සූරා 27 · ජුස් 19

An-Naml · 27:40

قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ

ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි මෙය යැයි පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙක ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය. (යන වග දැන ගත යුතුය.)

තෆ්සීර්

සුලෙයිමාන් ළඟ සිටි දිව්ය පුස්තකය පිළිබඳ දැනුම තිබූ අල්ලාහ්ගේ අතිමහත් නාමය යෙදුනු, විද්වත් දැහැමි පුද්ගලයකු ඒ සඳහා ඇරයුම් කරනු ලැබූ විට එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. "ඔබ ඇසිපිලි ගසන්නට මත්තෙන් ඇයගේ ආසනය මම ඔබ වෙ ගෙන එමි. එය මා අල්ලාහ්ට ඇරයුම් කිරීමෙනි." එවිට ඔහු ඉදිරියට පැමිණ ප්රාර්ථනා කළේය. ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. සුලෙයිමාන් තුමා ඇයගේ ආසනය ඔහු අසල තිබෙනු දුටු කල්හි, ඔහු,"මෙය මාගේ සුවිශුද්ධයාණන් වූ පරමාධිපතිගේ භාග්යයකි. ඔහුගේ ආශිර්වාදයට මා කෘත ගුණ සලකන්නේද එසේ නැතහොත් එය ප්රතික්ෂේප කරන්නේ දැ?යි ඔහු මා පරීක්ෂණය කරනු පිණිසය? කවරෙකු අල්ලාහ්ට කෘතඥ වන්නේ ද සැබවින්ම එම කෘතඥතාවයේ ඵලය ඔහු වෙත නැවත හැරී එනු ඇත. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ගැත්තන් කෘතඥවීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කොට එයට ගුණමකු වන්නේ ද සැබවින්ම මාගේ පරමාධිපති ඔහුගේ කෘතඥාභාවය ගැන අවශ්යතාවන්ගෙන් තොරය. ඒවා ප්රතික්ෂේප කරන්නන් හටත් දායාද කිරීම ඔහුගේ ත්යාගශීලී භාවයකි." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න