සූරා 27 · ජුස් 19
An-Naml · 27:22
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ
නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්රහණය නොකළේ ද එවන්නක් මා ග්රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය.
තෆ්සීර්
නුදුරු කාලයක් හුද් හුද් රැඳී සිටියේය. පසු ව ඌ පැමිණි කල්හි සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙත, "නුඹ නිරීක්ෂණය නොකළ දෙයක් මාගේ නිරීක්ෂණයට ලක් විය. කිසිදු සැකයක් නැති සත්යය තොරතුරක් සමග සබඃ වාසීන් අතරින් මම නුඹ වෙත පැමිණියෙමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න