සූරා 27 · ජුස් 19
An-Naml · 27:16
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්රහයකි යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
නබිත්වය දැනුම හා රාජ්ය බලය යනාදියෙහි සුලෙයිමාන් තම පියාණන් වූ දාවූද්ගෙන් උරුම කර ගත්තේය. තමන් වෙත හා තම පියාණන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ගැන ඔහු කතා කරමින් මෙසේ පැවසීය. "අහෝ ජනයිනි! පක්ෂීන්ගේ හඬවල් වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අපට පිරිනමා ඇත. නබිවරුන් හා රජවරුන්හට ඔහු පිරිනමා ඇති සියලු දෑ ද අපට පිරිනමා ඇත. සැබවින්ම සුවිශුද්ධ අල්ලාහ් අපහට පිරිනමා ඇති දෑ ඉතා පැහැදිලි භාග්යයක්ම වන්නේය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න