සූරා 27 · ජුස් 19
An-Naml · 27:14
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
තෆ්සීර්
මෙම පැහැදිලි සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කළෝය. සැබවින්ම ඒවා අල්ලාහ් අබියසින් වූවක් බව තමන් වටහා ගෙන සිටිය ද, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් හා සත්ය පිළිගැනීමට තිබූ අහංකාරය හේතුවෙන් ඒවා ඔවුන් පිළිගත්තේ නැත. එහෙයින් දූතය! කලහකාරීන්හට ඔවුන්ගේ පාපකම් හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් මහ පොළොවේ අත් වූ අවසාන විපාකය කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් සියලු දෙනා මුලිනුපුටා දැමුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න