සූරා 27 · ජුස් 19

An-Naml · 27:12

وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.

තෆ්සීර්

පහත සඳහන් පරිදි ඔබේ කමිසයේ, ගෙල අසලින් පිහිටි විවෘත කොටස තුළට ඔබේ අත ඇතුළත් කරනු. නුඹ එය දැමුවායින් පසු කිසිදු ලාදුරු රෝගයක් මෙන් නොව පිනි කැට මෙන් සුදුවන් ලෙසින් බැහැර වනු ඇත. නුඹේ සත්යභාවයට සාක්ෂි දරණ ප්රාතිහාර්යයන් නවයක් (දෑතත් සමග සැරයටිය, නියමිත වසර ගණනාවක් ගත වීම, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදී වශයෙන්) ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත ගෙන හැර දැක්වීය. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න