සූරා 24 · ජුස් 18
An-Nur · 24:6
وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُنْ لَهُمْ شُهَدَاءُ إِلَّا أَنْفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ
ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නොවී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්යවාදීන් අතුරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීමය.
තෆ්සීර්
ස්වාමිපුරුෂයින් විසින් තමන්ගේ බිරින්ඳෑවරුන්ට කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එසේ ඔවුන් එල්ල කළ අපවාදයේ නිවැරදිතාව ඔප්පු කිරීම සඳහා තමන් හැර වෙනත් සාක්ෂිකරුවන් ඔවුනට නොමැති වී නම්, ඔවුන් අතරින් එක් අයකු තම බිරියට සිදු කළ අපවාදය සම්බන්ධයෙන් තමන් සත්යවාදියෙකු යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි ප්රකාශ කළ යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න