සූරා 24 · ජුස් 18

An-Nur · 24:47

وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ

අපි අල්ලාහ් හා රසූල්වරයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් නොවෙති.

තෆ්සීර්

කුහකයෝ, "සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු. තවද අපි දූතයාණන් ද විශ්වාස කළෙමු. එමෙන්ම අල්ලාහ්ට අපි අවනත වූයෙමු. දූතයාණන්ට ද අවනත වූයෙමු" යැයි පවසති. පසු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන බවටත් ඔවුන් දෙදෙනාට අවනත වන බවටත් ඔවුහු අධිෂ්ඨාන කළ පසු ව, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා වෙනත් කටයුතුවලදී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත නොවෙති. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමට පිටුපෑ ඔවුන් සැබැවින්ම තමන් දේව විශ්වාසීන් යැයි පැවසුව ද ඔවුහු එසේ දේව විශ්වාසීහු නොවෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න