සූරා 24 · ජුස් 18

An-Nur · 24:43

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مِنْ جِبَالٍ فِيهَا مِنْ بَرَدٍ فَيُصِيبُ بِهِ مَنْ يَشَاءُ وَيَصْرِفُهُ عَنْ مَنْ يَشَاءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ

අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසු ව ඒ අතර අමුණා පසු ව එය එකින් එක මත පිහිටන සේ පත් කරයි. එවිට ඒ අතුරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසින් එහි ඇති (වලාකුළු) කඳු තුළින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.

තෆ්සීර්

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් වළාකුළු ගමන් කරවයි. පසුව කොටස් වශයෙන් වූ ඒවා එනිනෙක සම්බන්ධ කරයි. පසුව එකිනෙක ඇමුණුනු වළාකුලක් බවට පත් කරයි. වළාකුළු ඇතුළතින් වර්ෂාව බැහැර වනු නුඹ දකින්නෙහිය. එමෙන්ම ප්රමාණයෙන් කඳු මෙන් පවතින ඝණ වළාකුළු අතරින් කුඩා ගල්කැට මෙන් හිමකැට ද අහස දෙසින් පහළ වනු ඇත. තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සීතල හට ගන්වයි. ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයගෙන් එය වෙනතකට යොමු කරයි. වළාකුළු අතරින් හටගන්නා අකුණු එළිය වනාහි, එහි දීප්තිය හේතුවෙන් බැල්ම ඉවත් කරන්නාක් මෙන් පවතියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න