සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:9
ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ
(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල පැත්ත වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට අපි ඔහුට සලස්වන්නෙමු.
තෆ්සීර්
අහංකාරයෙන් තම ගෙල දිගු කරමින් දේව විශ්වාසයෙන් හා අල්ලාහ්ගේ දහම තුළට ප්රවේශ වීමෙන් ජනයා වෙනතකට යොමු කරන්නන් ද සිටිති. මෙවන් ගුණාංග ඇත්තන්හට මෙලොවෙහි ඔහුට අත්වන දැයින් අවමානයක් ඇත. එමෙන්ම මතුලොවෙහි ඇවිළෙන ගින්න භුක්ති විඳින්නට අපි ඔහුට සළස්වමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න