සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:8
وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ
කිසිදු දැනුමකින් තොර ව එමෙන්ම කිසිදු මග පෙන්වීමකින් තොර ව හා ආලෝකමත් දේව ග්රන්ථයකින් තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති.
තෆ්සීර්
දේව ප්රතික්ෂේපකයින් අතර ඔවුන් සත්ය වෙත යොමු කරන කිසිදු දැනුමකින් හෝ ඒ වෙත මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු අනුගමනය කිරීමෙන් හෝ ඒ වෙත ඔවුනට මග පෙන්වන අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ අලෝකමත් පුස්තකයකින් තොර ව අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරන්නන් ද වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න