සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:78

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلُ وَفِي هَٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ ۚ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ ۖ فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ

තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහුය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය.

තෆ්සීර්

අල්ලාහ්ගේ මාර්ගයේ ඔහුගේ තෘප්තිය උදෙසා පමණක් අවංක ව කැපවී කටයුතු කරනු. නුඹලා ව තෝරා ගෙන නුඹලාගේ දහම නුඹලාට ක්ෂමාශීලී පිළිවෙතක් බවට පත් කළේ ඔහුය. එහි කිසිදු පීඩනයක් හෝ දුෂ්කරතාවක් හෝ නොමැත. මෙම සමාදායී පිළිවෙත නුඹලාගේ පියා වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතයි. පෙර පැවති දිව්යමය ග්රන්ථවලත් අල් කුර්ආනයේත් අල්ලාහ් නුඹලාට නම් තැබුවේ මුස්ලිම්වරුන් ලෙසය. එය රසූල්වරයා වෙත කවර කරුණක් ප්රචාරය කරන මෙන් අණ කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහු නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනු පිණිසය. එමෙන්ම පෙර සිටි සමූහයන්ට ඔවුන්ගේ දූතවරුන් ප්රචාරය කළ බවට නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් පෙනී සිටිනු පිණිසය. එහෙයින් නුඹලා ඒ සඳහා සලාතය පූර්ණ අයුරින් විධිමත් ව ඉටු කර අල්ලාහ්ට කෘතඥතාව පුද කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ් වෙත සරණ පතනු. නුඹලාගේ කටයුතුවලදී ඔහු මත රැඳී සිටිනු. ඔහු සුවිශුද්ධය. දේව විශ්වාසීන් අතරින් කවරකු ඔහු වෙත තම භාරකාරත්වය පුදන්නේ ද ඔහුට භාරකරු වශයෙන් ඔහු යහපත් විය. ඔවුන් අතරින් කවරෙකු උදව් පතන්නේ ද ඔහුට උදව්කරු වශයෙන් ඔහු යහපත් විය. එහෙයින් නුඹලා ඔහු වෙත සියල්ල භාර කරනු. ඔහු ඒවා භාර ගනු ඇත. නුඹලා ඔහුගෙන් උදව් පතනු. ඔහු නුඹලාට උදව් කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න