සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:77

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩

අහෝ විශ්වාස කළවුනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා (කොන්ද නමා) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට ගැතිකම් කරනු. තවද යහකම් සිදු කරනු.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සලාතයේ දී නුඹලා අල්ලාහ්ට පමණක් නැමී රුකූඃ කරනු. සිරස බිම තබා සුජූද් කරනු. නුඹලා අපේක්ෂා කරන පරිදි ජයග්රහණය ලැබීමේ හා භීතියෙන් නුඹලා මිදීමේ යහපත් බලා පොරොත්තුවෙන් යුතුව සදකා නොහොත් දානය, ඥාති සම්බන්ධකම් රැකීම වැනි යහපත් ක්රියාවන් සිදු කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න