සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:65

أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ

මහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය තුළින් මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය. මහා කරුණාවන්තය.

තෆ්සීර්

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් නුඹට හා ජනයාට මහපොළොවේ ඇති දෑ ද භෞතික වස්තූන් ද නුඹලාගේ අවශ්යතාවය හා නුඹලාගේ ප්රයෝජනය පිණිස වසඟ කර දී ඇත. ඔහුගේ නියෝගය අනුව සාගරයේ යාත්රා කරන නැව් ද නුඹලාට වසඟ කර දුන්නේය. එය රටින් රටකට යාත්රා කරන පරිදි ඔහු එය වසඟ කර දී ඇත. ඔහුගේ අනුමැතියෙන් තොරව මහපොළොව මත නොවැටෙන සේ අහස රඳවා ගෙන සිටියි. ඒ මත වැටෙන්නට ඔහු එයට අවසර දුන්නේ නම් එය කඩා වැටෙනු ඇත. ජනයා අතර අපරාධ සිදුවෙමින් තිබියදී පවා අල්ලාහ් ඔවුනට මෙම වස්තු වසඟ කර දීමෙන් ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණික හා දයානුකම්පිත විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න