සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:6
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්යය බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
තෆ්සීර්
-නුඹලාගේ මැවීමේ ආරම්භය හා එහි අදියරයන් මෙන්ම නුඹලා අතරින් බිහි වන්නන්ගේ තත්ත්වයන් යනාදී වශයෙන් - අපි නුඹලාට මෙනෙහි කළ දෑ වනාහි, නුඹලා නමදින නුඹලාගේ පිළිමවලට පටහැනිව නුඹලාව මැව්වේ අල්ලාහ් බවත් එහි කිසිදු සැකයක් නැති බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය. එමෙන්ම සැබැවින්ම ඔහු මළවුනට ජීවය ලබා දෙන්නා බවත් ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන් බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න