සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:5

يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَيْبٍ مِنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُضْغَةٍ مُخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنْبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ

අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්‍රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.

තෆ්සීර්

අහෝ ජනයිනි! මියගිය පසු ව නුඹලා ව යළි අවදි කිරීමේ අපගේ හැකියාව හා ශක්තිය පිළිබඳ නුඹලා තුළ සැකයක් වී නම්, නුඹලාගේ මැවීම තුළ කල්පනා කර බලනු. සැබැවින්ම අපි නුඹලාගේ පියා ආදම් ව පසින් මැව්වෙමු. පසු ව ඔහුගේ පරපුර පිරිමියෙක් කාන්තාවකගේ ගර්භාෂයට හළන ශුක්රාණුවේ මැව්වෙමු. පසුව එම ශුක්රාණු ව ලේ කැටියක් බවටත් පසුව එම ලේ කැටිය විකන ලද මස් කැබැල්ලක් බඳු මස් ගොබයක් බවටත් පරිවර්තනය කොට, පසු ව එම මස් ගොබය ජීවී දරුවකු බිහි කරන තුරු ගර්භාෂය තුළ නිසි හැඩරුවක් දක්වා ද එසේ නැතිනම් කිසිදු හැඩයකින් තොරව වැටෙන ලේ කැටියක් දක්වා ද පවතී. නුඹලාගේ මේ මැවීමේ අදියරය තුළින් අපගේ බලය නුඹලාට සැබැවින්ම අපි පැහැදිලි කරන්නෙමු. ගර්භාෂය තුළ අපි අභිමත කරන කලලය නියමිත කාලයේ ප්රසූත වන තෙක් අපි රදවන්නෙමු. එය මාස නවයකි. පසු ව නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්වලින් බිළිඳුන් ලෙස අපි නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා ශක්ති සම්පන්න බුද්ධි සම්පන්න තත්ත්වයට ළඟා වන්නෙහුය. ඊට පෙර මිය යන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම බෙලහීන වී, බුද්ධිය ද බෙලහීන වී බිළිඳෙකුට වඩා අන්ත තමන් දැන සිටි දැයින් කිසිවක් නොදන්නා තත්ත්වයට පත්වන තුරු ජීවත් වන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම කිසිදු පැලෑටියන් රෝපණය නොවන වියළි භූමිය ද නුඹ දකින්නෙහිය. ඒ මත අපි වැසි ජලය පහළ කළ විට පැලෑටි සඳහා එය විවර වී පැලෑටිවල වර්ධනය හේතුවෙන් එය ඉහළ නැංවෙයි. දැකුම්කළු විවිධ පැලෑටි වර්ග එය මතු කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න