සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:44

وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය) තවද මූසාද බොරු කරනු ලැබීය. එවිට දේව ප්‍රතික්ෂේපකයින්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?

තෆ්සීර්

මද්යන් වාසීහු ෂුඅය්බ් ව බොරු කළෝය. ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව බොරු කළෝය. ඔවුන්ගේ සමූහයාගෙන් ටික කලකට දඬුවම ප්රමාද කළෙමි. පියවරෙන් පියවර එය ක්රියාත්මක විය. පසු ව දඬුවමින් ඔහුව ග්රහණය කළෙමි. ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැ?යි නුඹ සිතා බලනු. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මා ඔවුන් විනාශ කළෙමි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න