සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:18

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَنْ يُهِنِ اللَّهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩

අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතුරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.

තෆ්සීර්

අහෝ දූතය! අහස්හි සිටින මලක්වරුන් හා මහපොළොවේ වෙසෙන දේව විශ්වාසී මිනිසුන් හා ජින්නුන් ඔහුට අවනත වෙමින් සිරස නමන බව නුඹ නොදන්නෙහි ද? එමෙන්ම හිරු ද ඔහුට සිරස නමයි. සඳුද ඔහුට සිරස නමයි අහසේ ඇති තාරක ද මහොපොළොවේ ඇති කඳුහෙල්, ගහ කොළ, සතා සිවුපාවුන් ද ඔහුට සිරස නමයි. එය යටහත් වීමේ සිරස නැමීමයි. එමෙන්ම ජනයා අතරින් බොහෝ දෙනා අවනත වීමේ සිරස නැමීමක් ලෙස ඔහුට සිරස නමති. තවත් බොහෝ දෙනා ඔහුට අවනත වීම සඳහා සිරස නැමීමෙන් වැළකී සිටිති. ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසාවෙන් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත නියම විය. කවරෙකුට අල්ලාහ් ඔහුගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් අවමානය හා අපහාසය තීන්දු කළේ ද ඔහුව ගෞරවයට ලක් කරන කිසිවකු ඔහුට නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරන්නාය. ඔහුට බලපෑම් කරන්නට කිසිවෙකු නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න