සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:17

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

නියත වශයෙන්ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරු ද කිතුනුවන් ද ගිනි පුදන්නන් ද ආදේශ කළවුන් ද නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර වෙන් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකය.

තෆ්සීර්

සැබැවින්ම මෙම සමූහයා අතර සිටින, අල්ලාහ්ව විශ්වාස කළවුන්, යුදෙව්වන්, සාබිඊන්වරුන් (ඇතැම් නබිවරුන් අනුගමනය කළ පිරිසක්), කිතුනුවන්, අග්නි වන්දනාකරුවන් හා පිළිම වන්දනාකරුවන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර තීන්දු කරනු ඇත. පසුව දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කරයි. ඒ හැර සෙසු අය නිරා ගින්නට ඇතුළත් කරයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ සියලු ප්රකාශ හා ඔවුන්ගේ සියලු ක්රියාවන් සඳහා සාක්ෂිකරුවෙකු වෙයි. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න