සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:14
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඒවායෙහි මාලිගා යටින් දියදහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට සැබැවින්ම අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දේ සිදු කරන්නාය. ඔහු කරුණාවෙන් ඔහු අභිමත කරන අයට කරුණාව දක්වයි. එමෙන්ම දඬුවමින් ඔහු අභිමත කරන අයට දඬුවම ක්රියාත්මක කරයි. සුවිශුද්ධ අල්ලාහ්ට බලපෑම් කරන කිසිවකු නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න