සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:11
وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
තවද ජනයා අතුරින් සැකය මත සිට අල්ලාහ්ට ගැතිකම් කරන්නාද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමගින් ඔහු සැනසුමට පත් වෙයි. නමුත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතු ලොවෙහි ඔහු පරාජිත විය. ප්රකට ඉමහත් පරාජය එයමය.
තෆ්සීර්
සැකය මත පදනම් ව අස්ථාවරයෙන් අල්ලාහ් නමදින පිරිසක් ද ජනයා අතර වෙති. සුවය, ධනය වැනි යම් යහපතක් ඔහුට අත් වූයේ නම් ඔහුගේ විශ්වාසය මත හා නැමදීම මත අල්ලාහ් වෙනුවෙන් රැඳී සිටියි. නමුත් කිසියම් රෝගයක් දිළිඳුකමක් හෝ ණය බරක් ඇති වූ විට ඔහුගෙන් එය ඉවත් වෙයි. ඔහු මෙලොව ජීවිතයෙහි පරාජයට පත් විය. ඔහුගේ දේව ප්රතික්ෂේපය ඔහුට නියම කරනු නොලැබූ කිසිදු කොටසක් මෙලොව ජීවිතයේ වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔහුගේ මතුලොව ජීවිතයෙහි ද ඔහු අල්ලාහ්ගේ දඬුවමට ලක්වන බැවින් ඔහු පරාජයට පත් වෙයි. එය ඉතා පැහැදිලි ප්රකට පරාජයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න