සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:97

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

කවරෙක් ජිබ්රීල් ට සතුරු වන්නේ ද ඔහු ට පවසනු. සැබැවින් ම ජිබ්රීල් (වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද මඟ පෙන් වීමක් ලෙස ද විශ්වාස වන්තයින් ට සුබාරංචියක් ලෙස ද එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.

තෆ්සීර්

‘සැබැවින්ම ජිබ්රීල් මලක්-සුරදූතයින්- අතර සිටින අපගේ සතුරා වේ’ යැයි යුදෙව්වන් අතර පවසන අයට නබිවරය නුඹ මෙසේ පවසනු. ජිබ්රීල්ට එරෙහිවන්නේ කවුරුන්ද ඔහු මෙය දැන ගත යුතුයි. තව්රාතය හා ඉන්ජීලය වැනි පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නක් ලෙසින් ද යහපත වෙත මඟ පෙන්වන්නක් ලෙසින්ද දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ් සූදානම් කර ඇති සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වන්නක් ලෙසින්ද අල්ලාහ්ගේ අනුමැතියෙන් යුතුව ඔබේ සිතට අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එබැවින් ඔහුගේ මෙම ගුණාංග හා ඔහුගේ ක්රියාවට විරුද්ධ වනුයේ කවුරුන් ද ඔහු නොමග ගියවුන් අතර කෙනෙකු වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න