සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:96

وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَىٰ حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

මිනිසුන් ට වඩා, තව ද (විශේෂ යෙන්) ආදේශ කළවුන ට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන් ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන් ට වසර දහසක් ආයුෂ දෙනු නොලබන්නේ දැයි ආශා කරයි. නමුත් ඔහු ට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නොවෙයි. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

අහෝ නබිවරය! මෙලොව ජීවිතය කොතරම් පහත් අල්ප වූවත් මිනිසුන් අතර එයට වඩාත් ආශා කරන්නන් ලෙස නුඹ යුදෙව්වන් දකිනු ඇත. ඔවුන් යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස කරන දහම් ලද්දන් ලෙස සිටිය ද යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස නොකරන දෙවියන්ට සමානයන් තැබූ අයට වඩා දැඩි ලෙස එයට ආශා කරති. ඔවුන් අතර සිටින අයකු තමන් වසර දහසක් ආයුෂ ලැබිය යුතු යැයි ප්රිය කරයි. නමුත් කෙතරම් කාලයක් ආයුෂ ලැබුණද අල්ලාහ්ගේ දඬුවමින් දුරස්වන්නට අවස්ථාවක් ඔහුට නොලැබෙනු ඇත. අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඉන් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න