සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:85

ثُمَّ أَنْتُمْ هَٰؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

පසු ව නුඹලා නුඹලාව ම ඝාතන ය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක් ව ඔවුන් ගේ නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙ හුය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුන ට එරෙහි ව නුඹලා එකිනෙකා උදව් කර ගන්නෙ හුය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන් ව මුදවා ගන්නෙහුය. එසේ නුඹලා ඔවුන් ව බැහැර කිරීම පවා තහනම් ව තිබීය ද. නුඹලා දේව ග්‍රන්ථ යෙන් කොටසක් විශ්වාස කර මින් තවත් කොටසක් ප්‍රතික් ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන් හට මෙලොව ජීවිතයේ අවමාන ය මිස වෙනත් ප්‍රතිඵලයක් නො මැත. තව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාව ට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.

තෆ්සීර්

නමුත්, පසුව නුඹලා එම ගිවිසුමට විරුද්ධව කටයුතු කළෙහුය. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුව ඝාතණය කළෙහුය. සාපරාධී ලෙසින් හා සතුරුකමින් ඇතැමෙකුට එරෙහිව තවත් පිරිසකට උදව් කරමින් නුඹලා අතර වූ පිරිසක් තවත් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කළෙහුය. ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන්ව පිටුවහල්කිරීම නුඹලාට තහනම්ව තිබිය දී සතුරන් අතට පත් සිරකරුවන් නුඹලා වෙත පැමිණි විට ඔවුන්ගේ සිරකරුවන් ඔවුන් මුදවා හරිනු පිණිස වන්දි ලබා දීමට නුඹලා වෑයම් කළෙහුය. එසේ නම් තව්රාතයේ සඳහන් ‘සිරකරුවන්ට වන්දි ලබාදීම අනිවාර්ය’ යනාදී කරණු නුඹලා විශ්වාස කොට ලේ හැළීමෙන් වැළකෙනු නිවෙස්වලින් බැහැර කිරීමෙන් වැළකෙනු යනාදී තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු නුඹලා ප්රතික්ෂේප කරන්නෙහුය. නුඹලා අතර එසේ සිදු කරන අයට අවමානය මිස වෙන කිසිවක් මෙලොව ජීවිතයේ දී නැත. මතුලොවෙහි දැඩි දඬුවම වෙත ඔහු යොමු කරනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ ගැන ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒ අනුව නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න