සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:83

وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ

තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන් අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. zසකාත් ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය.

තෆ්සීර්

අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා අල්ලාහ් සමඟ තවත් අයකු නැමදුමට නොගෙන, ඔහු ඒකීයකරණය කරන මෙන් ද දෙමාපියන් ඥාතීන් අනාථයින් හා අවශ්යතාවෙන් පෙළෙන දුගියන් වෙත උපකාර කරන මෙන් ද තදින් තොරව මෘදු වදනින් නුඹලා මිනිසුන් සමඟ කතා කොට ඔවුනට යහපත විධානය කොට අයහපතින් ඔවුන් වළක්වන මෙන් ද නුඹලාට අණ කළ පරිදි සලාතය පූර්ණ ලෙස ඉටු කරන මෙන් ද පිවිතුරු සිතකින් තම ධනයෙන්, එයට උරුමකම් කියන අය වෙත සකාත් වශයෙන් කොටසක් ලබා දෙන මෙන් ද නුඹලා වෙතින් බලවත් ප්රතිඥාව අප ගත් සැටි නුඹලා මෙනෙහි කර බලනු. නමුත් මෙම ගිවිසුමෙන් පසු එය ඉටු කිරීම ප්රතික්ෂේප කොට ඉන් හැරීයාම මිස වෙනකක් නුඹලා සිදු කළේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න