සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:48
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ
තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළි ගනු නොලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නොලබන දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නොලබන්නෝය.
තෆ්සීර්
තවද නුඹලා නියෝග පිළිපැද, තහනම් දෙයින් වැළකී, නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම අතර ආරක්ෂාව එමගින් සලසා ගනු. එදින කිසිවෙක් කිසිවකුට ඵලක් වන්නේ නැත. එදින අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් හිංසනයකින් වළක්වාලන්නට හෝ යම් යහපතක් කිරීමට හෝ කිසිවකුගේ මැදිහත් වීමක් පිළිගනු නොලබනු දිනයකි. පොළොව පිරෙන්නට රන් තිබී, ඒ සියල්ල වන්දි වශයෙන් ලබා දුන්න ද ඒවා පිළිගනු නොලබන දිනයකි. එදින කිසිදු උදව්කරුවකු ඔවුනට නැත. එමෙන්ම කිසිදු මැදිහත්කරුවකු හෝ ඇපකරුවකු හෝ ඔවුනට නැත. එසේ ඔවුනට මැදිහත් කරුවකු, උදව්කරුවකු, ඇපකරුවකු හෝ නොමැති නම් ඔවුන් පළා යා හැක්කේ කවර ස්ථානයකට ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න