සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:47

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව සියලු ලෝවැසියන ට වඩා උසස් කළෙමි.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! නුඹලා වෙත ආශිර්වාද කළ ආධ්යාත්මික හා ලෞකික මාගේ ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කර බලනු. එමෙන්ම සැබැවින්ම මම නුඹලාට නබිත්වය හා බලය තුළින් නුඹලාගේ කාලයේ ජීවත් වූ සමකාලිකයින්ට වඩා නුඹලා උසස් කර තිබීමත් මෙනෙහි කර බලනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න