සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:45

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ

තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය.

තෆ්සීර්

අල්ලාහ් වෙත නුඹලාව සමීප කරවන, ඔහු සමග සම්බන්ධකම් ඇති කරවන සලාතය හා ඉවසීම තුළින් ආධ්යාත්මික මෙන්ම ලෞකික සියලුම වාතාවරණයන් සඳහා නුඹලා ඔහුගෙන් උදව් පතනු. එවිට ඔහු නුඹලාට උදව් කරනු ඇත. නුඹලාව ආරක්ෂා කරනු ඇත. නුඹලාට ඇතිවන්නට තිබෙන හිංසා පීඩාවන් නුඹලාගෙන් පහ කරනු ඇත. සැබැවින් සලාතය තම පරමාධිපතිට යටහත් වන්නන් වෙත හැර සෙසු අයට මහත් බැරෑරුම් කාර්යයක් වෙයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න