සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:44
۞ أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ ۚ أَفَلَا تَعْقِلُونَ
නුඹලා දේව ග්රන්ථය කියවමින් ම නුඹලා නුඹලා ව අමතක කර දමා ජනයා ට යහපත විධානය කරන්නෙහු ද ? (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද?
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ද දැහැමි කටයුතු කරන මෙන් ද තම දූතයාණන් සත්යය බව විශ්වාස කරන මෙන් ද තව්රාතයේ අල්ලාහ් නියෝග කර ඇති දෑ නුඹලා දැන දැනම, එය කියවමින් නුඹලා නුඹලාව අමතක කර දමා දෙවියන් විශ්වාස කරන මෙන් හා දැහැමි කටයුතු කරන මෙන් සෙසු ජනයාට අණ කර සිටීම කෙතරම් නම් පිළිකුල් සහගත ද!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න