සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:41

وَآمِنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ ۖ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ

නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා විශ්වාස කරනු. තව ද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නා ගෙන් පළමුවැන්නා නොවනු. තව ද මාගේ වදන් අල්ප මිලක ට නොවිකුණනු. තව ද මට ම නුඹලා බිය බැතිමත් වනු.

තෆ්සීර්

තව්රාත් හෙවත් තොරාව වෙනස් කිරීමට පෙර අල්ලාහ්ගේ ඒකීයභාවය සම්බන්ධයෙන් එහි වූ කරුණුවලට එකඟව මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත මා පහළ කළ කුර්ආනය ද මුහම්ද් තුමාගේ නබිත්වය ද නුඹලා විශ්වාස කරනු. එය ප්රතික්ෂේප කරන පිරිස අතුරින් ප්රමුඛයින් වීමෙන් වැළකී සිටිනු. මාගේ වදන් විවිධ ලාභ ප්රයෝජන හා නායකත්වය මුල් කරගෙන සුළු මිලකට නොවිකනනු. තවද මාගේ උදහස හා දඬුවමට බියවනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න