සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:40

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ

අහෝ ! ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තව ද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලා ගේ ගිවිසුම ඉටු කරමි. තව ද නුඹලා මටම බිය වනු.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! අඛණ්ඩව ඔබ වෙත අල්ලාහ් පිරිනමා තිබූ ආශිර්වාද ගැන මදක් මෙනෙහි කර බලනු. ඒ සඳහා නුඹලා තුතිවන්ත වනු. මා ගැන විශ්වාස කිරීම, මාගේ දූතයාණන් විශ්වාස කිරීම හා මාගේ පිළිවෙත ක්රියා කිරීම යනාදී සම්බන්ධයෙන් නුඹලා සමඟ මා ඇති කර ගත් ගිවිසුම නුඹලා ඉටු කරනු. එසේ නුඹලා එය ඉටු කර සිටියේ නම් මෙලොව යහපත් ජීවිතයක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යහපත් ප්රතිඵල වැනි නුඹලා වෙත මා විසින් කර ඇති පොරොන්දු මම ඉටු කර දෙමි. එහෙයින් මට පමණක් බියවනු. මාගේ ගිවිසුම කඩ නොකරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න