සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:4

وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹ ට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තව ද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.

තෆ්සීර්

ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න