සූරා 2 · ජුස් 3

Closing verses of Al-Baqarah · Al-Baqarah 2:286

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۖ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۚ أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස (නියමයන්) පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපති යාණනි, අප අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව. තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නොසලස්වනු මැනව ! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව ! (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව ! තවද අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව !

තෆ්සීර්

කිසිදු ක්රියාවක් දැරිය හැකි ප්රමාණයකට මිස කිසිවකු මත අල්ලාහ් පටවන්නේ නැත. ඊට හේතුව අල්ලාහ්ගේ දහම පහසු ව මත පදනම් වූවක් බැවිණි. එහි කිසිදු දුෂ්කරතාවක් නැත. එහෙයින් කවරෙකු යහපත උපයන්නේද ඔහු සිදු කළ දෑහි කුසල ඔහු සතු වනු ඇත. ඉන් කිසිවක් අඩු නොකරනු ඇත. එසේම කවරෙකු යම් අයහපතක් උපයන්නේද ඔහු ඉපැයූ පාපයේ ප්රතිවිපාකය ඔහු සතු වන්නේය. වෙනත් අයකු එය උසුලන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් හා විශ්වාසවන්තයින් මෙසේ පවසා සිටියහ. “අපගේ පරමාධිපතියාණනි, කිසිදු චේතනාවකින් තොර ව අපට යම් ක්රියාවක හෝ ප්රකාශයක යම් අමතකවීමක් සිදු වී නම් හෝ අපට වැරදුණේ නම් හෝ ඒ සඳහා අපට දඬුවම් නොකරනු මැනව! අහෝ! පරමාධිපතියාණනි, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් නුඹ ඔවුනට දඬුවම් කළ, අපට පෙර විසූ යුදෙව් ජනයා හට පැටවූවාක් මෙන් දරා ගත නොහැකි දුෂ්කරතා අප වෙත නොපටවනු මැනව! අපට දැරිය නොහැකි දුෂ්කර විධාන හා තහනම් අප මත නොපටවනු මැනව! අපගේ පාපයන් නොසලකා හරිනු මැනව! අපට සමාව දෙනු මැනව! ඔබේ ආශිර්වාදයෙන් අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. අපගේ උදව්කරුය. එබැවින් ඔබ ව ප්රතික්ෂේප කරන ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න