සූරා 2 · ජුස් 3
Closing verses of Al-Baqarah · Al-Baqarah 2:285
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ ۚ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ ۚ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ
ධර්ම දූතයා තම පරමාධිපති ගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාසවන්තයින් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති වෙතින් තමන් වෙත පහළ කරනු ලැබූ සියලු දෑ විශ්වාස කළහ. එසේම සත්යය විශ්වාස කළ දේව විශ්වාසවන්තයෝද විශ්වාස කළෝය. ඔවුන් සියල්ලෝම විශ්වාස කළෝය. අල්ලාහ්ගේ සියලුම මලක්වරුන් පිළිබඳවත් ඔහු නබිවරුන්ට පහළ කළ ඔහුගේ සියලුම පුස්තක පිළිබඳවත් ඔහු එවූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් විශ්වාස කළෝය. එසේ විශ්වාස කරමින්: “අල්ලාහ්ගේ රසූල්වරුන් අතුරින් කිසිවකු අපි වෙන් කොට නොසලකමු” යැයි පැවසුවෝය. තවදුරටත් “ඔබ අපට කවර දෙයක් අණ කර සිටියේද අපි එයට සවන් දුනිමු. කවර දෙයක් අපට තහනම් කර සිටියේද එයින් අපි වැළකී සිටියෙමු. ඔබ කවර දෙයක් අණ කර සිටියේද එය ක්රියාවට නංවමින්ද ඔබ කවර දෙයකින් අප වැළැක්වූයේද එයින් වැළකී සිටිමින් අපි ඔබට අවනත වූයෙමු. අහෝ! අපගේ පරමාධිපතියාණනි, අපහට සමාව දෙනු මැනව! සැබැවින්ම අපගේ අවසන් නවාතැන ඔබ වෙත පමණය. අපගේ සියලු කටයුතු වලදී අපි යොමු විය යුත්තේ ඔබ වෙත පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න