සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:256

لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහ මගින් යහ මඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගන්නේය. එයට කැඩීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.

තෆ්සීර්

ඉස්ලාම් දහම තුළට පිවිසීම සම්බන්ධයෙන් කිසිවකුට බල කිරීමක් නැත. හේතුව එය ඉතා පැහදිලි සත්යය දහම වන බැවිණි. කිසිවකු ඒ වෙත පිවිසීමට බල කිරීමේ අවශ්යතාවක් එහි නැත. ඍජු මග නොමගින් පැහැදිලි ව වෙන් වී ඇත. කවරෙකු අල්ලාහ් හැර නැමුදුම් ලබන සියලු දෑ ප්රතික්ෂේප කොට එයින් දුරස් වී අල්ලාහ් පමණක් විශ්වාස කරන්නේද ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය ඇණ නොහිටින බලවත් හේතු සාධක දහම තුළින් පිළිපැද ඇත්තේය. තවද අල්ලාහ් තම ගැත්තන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න