සූරා 2 · ජුස් 3
Ayat al-Kursi · Al-Baqarah 2:255
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ අසුන (කුර්සි) අහස් හි හා මහපොළො වෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
තෆ්සීර්
අල්ලාහ් වනාහි නැමදුම් ලබන්නට ඔහු පමණක් හැර වෙනත් සුදුසු කිසිවකු නැත. ඔහු අමරණීයය. සදා ජීවමානය. විනාශයක් හෝ අඩුවක් ඔහු තුළ දකින්නට නැත. ඔහු ස්වයං ක්රියාකාරී සදා පැවැත්මක් ඇත්තාය. ඔහුගේ සියලු මැවීම් වලින් ඔහු කිසිදු අවශ්යතාවක් නොමැත්තාය. සියලු මැවීම් පවතින්නේ ඔහු තුළිනි. එහෙයින් සෑම අවස්ථාවකම ඔහුගෙන් තොර ව ස්වාධීන ව කටයුතු කරන්නට ඔවුනට නොහැක. ඔහුට නින්දක් හෝ මද නින්දක් හෝ ඇති නොවන්නේය. එය ඔහු සදා ජීවමානී සදා පැවැත්මකින් යුත් නිසාය. අහස්හි හා මහපොළොවේ ඇති පාලනය ඔහුට පමණක් සතුය. ඔහුගේ අනුමැතියෙන් හා ඔහුගේ පිළිගැනීමෙන් පසු ව මිස ඔහු අබියස කිසිවකු වෙනුවෙන් මැදිහත්වීමට කිසිවකුත් හැකියාව නොදරනු ඇත. ගෙවී ගිය කාලය තුළ ඔහුගේ මැවීම් වලට සිදු වුණු සියල්ල ඔහු දනියි. අනාගතයේ සිදුවන්නට යන තවමත් සිදු නොවුණු දෑ ද ඔහු දනියි. ඔහුගේ දැනුමෙන් ඔහු ඔවුනට ඉදිරිපත් කරන්නට අභිමත කළ දෑ හැර වෙනත් කිසිවක් ඔවුනට ඔහුගේ දැනුමෙන් ග්රහණය කළ නොහැක. ඔහුගේ රාජධානිය (පරමාධිපතිගේ පාද පිහිටි ස්ථානය) අහස් හා මහපොළොවේ විශාලත්වයේ හා විෂ්කම්භයේ ප්රමාණයට ආවරණය කොට ඇත. ඒ දෙක ආරක්ෂා කිරීමට කිසිදු අපහසුතාවක් හෝ දුෂ්කරතාවක් ඔහුට නැත. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ ශක්තියෙන් හා බලාධිකාරයෙන් ඔහු උත්තරීතරය. ඔහුගේ රාජ්යය හා ඔහුගේ බලමහිමය තුළ ඔහු සර්ව බලධාරීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න