සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:253

۞ تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۘ مِنْهُمْ مَنْ كَلَّمَ اللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ ۚ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَٰكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ آمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَ ۚ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَٰكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

මෙම රසූල්වරුන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුනට පසු පැමිණි සමහරුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මිස ඔවුන් මරා නොගන්නට තිබිණ. නමුත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරන්නේය.

තෆ්සීර්

නුඹට අප මෙනෙහි කර සිටි එම රසූල්වරු (දූතවරු) දේව පණිවිඩ ලැබීම, පිළිපැදීම හා තරාතිරම අනුව ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. මූසා (අලය්හිස් සලාම්) තුමා මෙන් අල්ලාහ් සමග ඍජු ව කතා කළ අය ද ඔවුන් අතර වෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මෙන් තරාතිරම් උසස් කරනු ලැබූ අය ද ඔවුන් අතර වෙති. එතුමාණන් මුළු මිනිස් සංහතියටම රසූල්වරයකු ලෙස එවනු ලැබීය. ඔහු සමගම නබිත්වයටද මුද්රා තබනු ලැබීය. සෙසු සියලු සමූහයන්ට වඩා එතුමාගේ සමූහයා උසස් කරනු ලැබීය. එමෙන්ම මර්යම්ගේ පුත් ඊසාට, මළවුන් පණගැන්වීම ලාදුරු වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි තම නබිත්වය තහවුරු කරන පැහැදිලි ප්රාතිහාර්යයන් අපි පිරිනැමුවෙමු. අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කරනු වස් ජිබ්රීල්ගේ සහයද ලබා දී අපි ඔහු බලවත් කළෙමු. අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එම දූතවරුන්ගෙන් පසු පැමිණියවුන් ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණිමෙන් පසු එකිනෙකා මරා ගන්නට නොතිබුණි. නමුත් ඔවුන් භේදබින්න වී වෙන් වී ගියෝය. ඒ අනුව අල්ලාහ් ව විශ්වාස කළවුන් ද ඔහු ව ප්රතික්ෂේප කළවුන් ද ඔවුන් අතර දකින්නට විය. ඔවුන් එකිනෙකා මරා නොගත යුතු යැයි අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එසේ ඔවුන් මරා නොගනු ඇත. නමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ කරුණාව හා භාග්යයෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත මග පෙන්වයි. ඔහු අභිමත කරන අය ඔහුගේ යුක්තිය හා ඔහුගේ ප්රඥාව තුළින් නොමග යන්නට ඉඩ හරියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න