සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:237

وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

නුඹලා ඔවුනට නිශ්චිත මහර් ප්රමාණය නියම කර තිබියදී ඔවුන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් ඔවුන් වෙත නියම කළ මහර් නම් විවාහ ත්යාගයෙන් අඩක් භාරදීම නුඹලා කෙරෙහි පැවරෙනු ඇත. නමුත් එහිදී, - යහමග ලැබූ කාන්තාවන් නම් - ඒවා නොලබාම අතහැර දැමීමත් සම්පූර්ණ මහර් ප්රමාණය සැමියන් විසින් ඔවුන් වෙනුවෙන් අතහැර දැමීමත් අතිශයෝක්තියකි. නුඹලා අතර තිබෙන යුතුකම් වල එකිනෙකාට ඉඩහරිමින් කටයුතු කිරීම් අල්ලාහ් වෙත දක්වන බැතිමත්කම හා අවනතභාවයට වඩාත් සමීප වූවකි. මෙය අත නොහරිනු. අහෝ ජනයිනි! නුඹලාගේ යුතුකම් වලදී එකිනෙකාට ඉඩහැර කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඒ සඳහා අල්ලාහ්ගෙන් කුසල් ලබන්නට යහපත් දේ හුවමාරු කිරීමට වෙහෙස දරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න