සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:236
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
තෆ්සීර්
නුඹලා ගිවිස ගත් නුඹලාගේ බිරියන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර ඔවුනට දිය යුතු නිශ්චිත මහර් (විවාහ ත්යාගය) අනිවාර්යය වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් නුඹලාට පවක් නැත. මෙම තත්වයේ නුඹලා ඔවුන් දික්කසාද කළ විට ඔවුන් සඳහා දෙනු ලබන මහර් නුඹලා වෙත අනිවාර්ය නොවන්නේය. නුඹලාට අනිවාර්යය වනුයේ, ඔවුන් භුක්ති විදිනු පිණිස යමක් පිරිනැමීමය. එමෙන්ම පොහොසතා තම හැකියාව පරිදි අධික මුදල් ප්රමාණයක් ද දුප්පතා තම හැකියාව පරිදි සුළු මුදලක් ද යනාකාරයෙන් පිරිනමා කැඩුණු සිත් පුරවා දැමිය යුතුය. මෙම දීමනාව තම ක්රියාවන්හි හා තම ගනුදෙනු වලදී දැහැමි අයුරින් කටයුතු කරන්නන්හට පැවරුණු ස්ථාවර යුතුකමකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න