සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:23
وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ
අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්යවාදීහු නම්.
තෆ්සීර්
අහෝ ජනයිනි, අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිබඳ යම් සැකයක ඔබ පසුවන්නෙහු නම්, ඊට සමාන හෝ ඊටත් වඩා කුඩා පරිච්ඡේදයක් ඊට එරෙහිව ගෙනැවිත් පෙන්වන්නැයි අපි ඔබට අභියෝග කරන්නෙමු. එසේ ඔබ තර්ක කරමින් සිටින දෑහි ඔබ සත්යවාදීන් නම් ඔබේ සහයට හැකි පමණක් උදව්කරුවන් කැඳවා ගන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න