සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:22
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ
ඔහු නුඹලා ට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද පත් කළේය. තව ද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලා ගේ පෝෂණ ය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු.
තෆ්සීර්
මහපොළොව ඇතිරිල්ලක් හා තොටිල්ලක් සේ මැව්වේ ඔහුය. පසුව ඔහු අහස මවා ඊට ඉහළින් ශක්තිමක් නිර්මාණයක් ඇති කළේය. ඔහු වර්ෂාවෙන් ආශිර්වාද කළේ ය. ඔබේ ආහාරය සඳහා එමගින් පොළොවේ විවිධ පලතුරු හා බවභෝග හට ගැන්වීය. එහෙයින් අල්ලාහ් හැර වෙනත් කිසිදු මැවුම් කරුවකු නොමැති බව ඔබ දැන දැනුම කිසිවිටෙක අල්ලාහ්ට හවුල්කරුවන් හෝ සමානයන් තොබනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න