සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:20
يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අකුණු එළිය ඔවුන් ගේ බැල්ම පැහැර ගන්නාක් මෙනි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඇවිදුණහ. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත වී නම් ඔවුන් ගේ ශ්රවණය ද ඔවුන් ගේ බැල්ම ද ඉවත් කරන්න ට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අති බලවත්ය.
තෆ්සීර්
දැඩි අකුණු එළිය ඔවුන්ගේ දෘෂ්ටිය පැහැර ගන්නාක් මෙන් පවතී. අකුණු එළිය වැටෙන කල්හි ඔවුහු ඉදිරියට ගමන් කරති. එසේ එළිය නොවැටුනු විට අන්ධකාරයේ රැඳී සිටිති. ඔවුනට සෙලවෙන්නට නොහැකි වෙති. අල්ලාහ් අභිමත කළේ නම් සියලු දෑ කෙරෙහි ආවරණය වී ඇති ඔහුගේ බලයෙන් ඔවුන්ගේ ශ්රවණය හා දෘෂ්ටිය පහ කර දමනු ඇත. ඔවුන් සත්යයට පිටුපෑ හේතුවෙන් එය ඔවුන් වෙත නැවත හැරී නොඑයි. මහා වර්ෂාව කුර්ආනයට උපමාවයි. අකුණු හඬ එය වළක්වාලන දෑට උපමාවයි. අකුණු එළිය විටින් විට ඔවුනට ඉදිරිපත් කරනු ලැබූ සත්යයට උපමාවයි. දැඩි අකුණු හඞ හේතුවෙන් ඔවුන් තම කන් වසා ගන්නට විය. එය ඔවුන් සත්යය පිළි නොගෙන පිටු පෑමට සමානය. එම කුහකයින් දෙදෙනා අතර හා මේ උපමා දෙක සහිත පුද්ගලයින් අතර උපමා කළ ස්වභාවය; එය ප්රයෝජනය රහිත දෙයක්ය යන්නයි. ගින්න හා සම්බන්ධ උපමාවේ: එය අවුළන්නා එහි අන්ධකාරය හා ඇවිලීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි යන්න අවධාරණය කරයි. මහා වර්ෂාව හා සම්බන්ධ උපමාවේ: හෙණ හඬ හා අකුණු එළියෙන් ඔවුන් බිය ගැන්වීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි අවධාරණය කරයි. මෙලෙස කුහකයින් ඉස්ලාමය දෙස දැඩි හදවතකින් මිස බලන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න