සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:19

أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ

නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. අකුණු හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන් ගේ ඇඟිලි ඔවුන් ගේ කන් තුළ ඔබා ගනිති. තව ද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.

තෆ්සීර්

ජලය හා බැඳුණු ඔවුන්ගේ උපමාව: වළාවෙන් ඇද හැළෙන මහා වර්ෂාවක් වැනිය. එහි ඒකරාශි වූ අන්ධකාරය, හෙණ හඬ හා අකුණු එකට පවතී. එය ප්රජාවක් වෙත පහළ වෙයි. ඔවුනට දැඩි බියක් ඇති කරයි. මහා හෙණ හඬ නිසා මරණ බියෙන් ඔවුන් තම ඇගිලි තුඩු මගින් ඔවුන්ගේ කන් වසා ගනී. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. ඔවුනට ඔහුගෙන් මිදී යා නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න